“96” රිය අනතුරකින් අයෙක් මරුට – පහක් රෝහලට
සුනිල් හරිස්චන්ද්‍ර - ඇඹිලිපිටිය

13

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව, 96 ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අයෙක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඇඹිලිපිටියේ සිට කෑගල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක පාපැදියක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් පාපැදිකරු මියගොස් ඇති අතර බස් රථයේ ගමන් කළ මගීන් පස් දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.
බස් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක්ද බස් රථයේ ගැටී තිබෙනවා.
අනතුරින් උඩවලව, 96 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති අතර බස් රථයේ රියදුරුවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

 

Your Comments