කෝටි 6ක ටයිටන් වාලම්පුරියක්

108

රුපියල් කෝටි 6කට අලෙවි කිරීමට නියමිතව තිබූ ටයිටන් වර්ගයේ වාලම්පුරියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හිමි නමක් මාතර, දෙවිනුවර විහාරස්ථානය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.
මෙම වාලම්පුරිය විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.
එහි බර කිලෝ 1යි ග්‍රෑම් 38ක් පමණ වන බව සඳහන්.
සැකකරුවන් ගන්දර පොලීසියට භාර දී ඇති අතර මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට අද දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments