පුද්ගලයන් නවලක්ෂයක් පීඩාවට

45

වියළි කාළගුණය හමුවේ දිස්ත්‍රික්ක 19ක පවුල් 2,55, 558කට අයත් පුද්ගලයින් 9,25,059 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වි ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයටයි.
පවුල් 42, 527කට අයත් පුද්ගලයින් 2,8,139 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
යාපනය, කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණැගල, පුත්තලම, මඩකළපුව, ත්‍රිකුණාමලය, මාතලේ වැනි දිස්ත්‍රික්ක රැසක ජනතාව ද පීඩාවට පත්ව සිටී.
මේ අතර පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල පරිසර උෂ්ණත්වය ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ කාළගුණයෙන් පීඩාවිදින ප්‍රදේශවාසීන් සඳහා පානීය ජලය ලබා දීමේ වැඩපිළීවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
ජල අවශ්‍යතාවන් පිළිබඳ තොරතුරු 117 අංකය ඔස්සේ ලබා දීමේ හැකියාව පවතිනවා.

Your Comments