හබරාදූවේ වෙඩිතැබීමක්

55

හබරාදුව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඊයේ (09) රාත්‍රීයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ හබරාදූව, කොග්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Your Comments