වැල්ලවාය රණවරාව රක්ෂිතයේ ගින්නක්
(ජයන්ත වීරසේකර - වැල්ලවාය)

63

වැල්ලවාය ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රණ්දෙනිය රණවරාව රක්ෂිතයේ ඊයේ (19) රාත්‍රි විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න ඊයේ රාත්‍රි පුරාවටම වේගයෙන් ව්‍යාප්ත වූ අතර එම නිසා රක්ෂිතයේ අක්කර විස්සකට වඩා සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.
ඊයේ රාත්‍රි වන තුරු කිසිදු පාර්ශ්වයක් ගින්න මැඩපැවැත්වීම සදහා සහභාගි නොවු බව ප්‍රදේශවාසීන් පවසනවා.

ගින්න මේ වන විටත් රක්ෂිතයේ තැනින් තැන සුලු වශයෙන් පවතින බව NEWS24 වාර්තාකරු සඳහන් කළා.
දහවල් කාලය වන විට ගින්න යළි සක්‍රීය විය හැකි බවයි ජනතාව පවසන්නේ.
කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුනින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

 

Your Comments