නවක වදය සිද්ධියකට සිසුන් 11ක් රිමාන්ඩ්

70

වේයන්ගොඩ උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ආයතනයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකු නවක වදයට විරෝධය පළ කිරීම හේතුවන් සැකකාර සිසුන් විසින් පහරදී ඇති බවටයි පැවසෙන්නේ.
පහර කෑ සිසුන් ගම්පහ මූලික රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු සහ දෙවන වසරේ සිසුන් පිරිසක්.
පොලිසිය පවසන්නේ සැකකාර සිසුන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

Your Comments