5 ශ්‍රේණිය ශිෂ්‍යාධාරය රුපියල් 250කින් ඉහළට

7

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වන අඩු ආදායම්ලාභී සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 250කින් ඉහළ නැංවීමට අද කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඒ අනුව දැනට මසකට ලබාදෙන රුපියල් 500යේ දීමනාව රුපියල් 750 දක්වා ඉහළ නැංවීමටයි කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇත්තේ.

පෙරවරු 8.30ට කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදට යෙදී ඇති ජනාධිපතිවරයාගේ 68 වන ඡන්ම දිනයට අමාත්‍යවරුන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

Your Comments