සිරිපා කරුණාවට විශාල පිරිසක් [PHOTOS]

28

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් 09වන දින සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන අතර දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බවයි හැටන් ලංගම ඩිපෝව සඳහන් කළේ.
හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ශ්‍රි පාද වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව විවෘත කර ඇති අතර, එම විශ්‍රාම ශාලාව තුල වන්දනාකරුවන්ට අවශ්‍යය පහසුකම් සලසා ඇති බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියා.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව හැටන් පොලිස් අධිකාරි චූලනි විරරත්න මහතා පැවසුවා.
වන්දනාකරුවන්ගෙන් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ නොපැමිණෙන ලෙසයි.
එසේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් රාජකාරියේ යොදවා තිබෙනවා.

මේ අතර ශ්‍රී පාද පුද බිමේ පරිසරය රැක ගැනිම සඳහා කැලි කසල අපද්‍රව්‍යය සහ පොලිතින් පරිසරයට සහ මර්ගය දෙපස බැහැර නොකරන ලෙසත්, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් දිය නාම සිදු නොකරන ලෙසටත් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ

 

Your Comments