ශ්‍රී ලංකාවේ සිට IS සාමාජිකයින් පිරිසක් ඉන්දියාවට ගිය බවට බුද්ධි තොරතුරු

45

අයි.එස්. ත්‍රස්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගොස් ඇති බවට එරට වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව කේරළ වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමටයි ඉන්දීය පොලීසිය පියවර ගෙන ඇත්තේ.

අයි.එස් ත්‍රස්තවාදීන් 15 දෙනෙකු පමණ ඉන්දියාවේ ලක්ෂදීප් දූපතට යාත්‍රාවකින් පැමිණ ඇති බවටයි එරට බුද්ධි අංශ පෙන්වා දී තිබෙන්නේ.

ඒ අනුව වෙරළ තීරයේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසුගිය මැයි 23 වන දින සිට ඉන්දීය ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

විශේෂ ආරක්ෂක මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

ඉන්දීය බුද්ධි අංශ මීට පෙර ද දක්වා තිබුණේ ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්.අයි.එස්. සාමාජිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් කේරලයේ සිටිනා බවක්.

Your Comments