මෝදිගේ පදවි ප්‍රාප්තියට ජනපති යයි

34

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවිප්‍රාප්ති උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඒ බව සඳහන් කර ඇති බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවිප්‍රාප්ති උත්සවය ලබන 30 වනදා නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතයි.

එම උත්සවය සඳහා රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

Your Comments