කොටගල කෙම්බ්‍රිජ් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කෙරෙයි (PHOTOs)

58

හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයේ හත වසරේ සිසුන් 21 දෙනෙකු අද රෝහල් ගත කර තිබෙනවා.

කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක පි.නරෙන්ද්‍රකුමාර් මහතා පැවසුවේ මැක්කන් විශේෂයක් දෂ්ඨ කිරිම හේතුවෙන් සිසුන් පිරිස රෝහල් ගත කෙරුණු බවයි.

කෙසේ වෙතත් එම සිසු පිරිස ප්‍රතිකර ලබා රෝහලෙන් පිටවගොස් තිබෙනවා.

පන්ති කාමරය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

හත වසරේ පන්ති කාමරය තුල ගේ කුරුල්ලන් විශාල කූඩු බැඳ ඇති අතර, එම කුරුල්ලන්ගෙන් බෝ වු මැක්කන් විශේෂය ඩෙස් පුටු සහ බිත්තිවල ද බෝවී ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

මැක්කන් විශේෂය නිසා පන්ති කාමරයේ අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් 43 දෙනෙකුගෙන් 21 දෙනෙකු අසාදනය දී සිටියා.

පන්ති කාමරයට හෙට (25) කෘමිනාශක දියරයක් ඉසිමට කටයුතු කර ඇති බැවින් පන්ති කාමරය තාවකාලිකව වසා දමා තිබෙනවා.

පන්ති කාමරය 27 දින විවෘත කිරිමට හැකි වනු ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලය සඳහන් කළේ.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

 

Your Comments