කොටි ත්‍රස්තවාදයෙන් රට මුදවා වසර 10ක් සපිරෙයි (PHOTOs)

25

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කර අදට වසර 10ක් සපිරෙනවා.

2006 වසරේ දී ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුම නිමා වූයේ 2009 වසරේ මැයි මස 18 වැනිදායි.

එය සැමරීම සඳහා විවිධ පාර්ශව හා දේශපාලන පක්ෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

විජයග්‍රහනයේ දස වන ජාතික රණවිරු සැමරුම හෙට පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් සහ සාමාන්‍ය ජනතාව සිහි කිරීම එහි අරමුණයි.

මේ අතර, රණවිරු සැමරුමට සමගාමීව ලබන 19 වනදා සිට 22 වනදා දක්වා සැමරුම් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

එය නම් කර ඇත්තේ සාමයේ දස වර්ෂාභිෂේක සැමරුම ලෙසයි.

පරම විභූෂණ සම්මාන පිරිනැමීම, උත්තමාචාර ග්‍රන්ථය එළිදැක්වීම, විශිෂ්ඨ සේවා විභූෂණ සම්මාන පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇති.

දිවයින පුරා පිහිටා ඇති ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ දස වර්ෂාභිෂේක සාම පාගමනක් ද ලබන 22වන සංවිධාන කර තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් පැහැදලි කරන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා…

Your Comments