සාමයට බාධාවන ප්‍රකාශවලට දැඩි ක්‍රියා මාර්ග

20

සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීමට පනවා තිබූ අවහිරතා ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ, දින 4කට පසුවයි.

ෆෙස්බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම තාවකාලිකව අත්හිටුවීමට පසුගිය 13 වනදා රජය තිරණය කළේ ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහායි.

මේ අතර, තවදුරටත් සමාජ ජාලා වෙතට රටේ සාමයට බාධා එල්ල වන අයුරින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

Your Comments