ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකාවත් සහයෝගයට එයි

37

ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිලිවෙලට පූර්ණ සහයෝගය පළ කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.

විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවති සාකච්ඡාවකදියි ඔහු මේ බව කියා සිටියේ.

පසුගිය 21 වනදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙතෙම මෙහිදි නැවත වරක් හෙළා දැක ඇති බව සඳහන්.

වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය පිළිබදව ශ්‍රී ලංකාවේ ඇති නව කැපවීම අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක්වූ බවයි වාර්තා වන්නේ.

Your Comments