23 දෙනෙකු සුවය ලබද්දී 20 දෙනෙකු හමුවෙයි

30

කොරෝනා අසාදිත පුද්ගලයන් 514 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

තවත් 117 දෙනෙකු සැක සහිත බැවින් වෛද්‍ය අධීක්ෂණය ට ලක් කර ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානය සඳහන් කළේ.

PCR පරීක්ෂණ සඳහා ඊයේ යොමු කර ඇති ගණන 1078ක්.

එහි දී නව රෝගීන් 20 දෙනෙකු හඳුනා ගත්තා.

ඉන් 17 දෙනෙකු ම නාවික හමුදා සාමාජිකයින්.

තවත් දෙදෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් වන අතර අනෙක් පුද්ගලයා ඩුබායි හි සිට නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක්.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 889ක්.

නාවික හමුදාවේ 428 දෙනෙකු කොරෝනා ආසාදනයට ලක්ව ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා.

පෙබරවාරි 18 වන දින සිට මේ දක්වා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති සමස්ත ගණන 38,740ක්.

මේ අතර නාවික හමුදාවේ ‘කෙසෙල්වත්තේ පොකුරු’ හටගත්තේ කෙසේ දැයි සෙවීමට බුද්ධි අංශ මෙහෙයුමක් ක්‍රියාත්මක බව සඳහන්.

මේ අතර ඊයේ දිනයේ රෝගීන් 23කු සුවය ලබා නිවෙස්වලට පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබුවන්ගේ ගණන 366ක්.

වත්මන් ලෝක තත්වය (2020-05-13 07.12 : මූලාශ්‍රය – worldometers.info)

 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන් 4,339,824
 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි.
 මරණ 292,808

 සුවය ලැබූ 1,602,091

———————————————————————–

මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27වනදායි.

ඒ චීන ජාතික කාන්තාවක්.

එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා.

දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී.

තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.

සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා.

ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.

වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි.

ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා.

රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය
වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.

Your Comments