20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද කතානායකවරයාට

44

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද දිනයේදී කතානායකවරයා වෙත ලැබෙන බව වාර්තා වනවා.
අනතුරුව කතානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
විසි වන සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් 16ක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දැනුම් දුන්නේ ඒ සම්බන්ධ සිය මතය කතානායකවරයාට ලබා දීමට කටයුතු කරන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කළ යුතු යැයි අර්ථ නිරූපනයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට පෙර පෙත්සමක් ගොනු කළා.
අනනතුරුව ඊට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 16ක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් වන විභාගය දින 4ක් පුරා පැවැත්වීමෙන් පසුවයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ඒ බව දැනුම් දුන්නේ.

Your Comments