19 හැවිරිදි තරුණයාට දිවි එපා වෙයි
රොමේෂ් මධුෂංඛ - වන්නි

38

මුලතිව් සෙම්මලෙයි නැගෙනහිර ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (11) දින සිය ගෙවත්තේ පිහිටි ගසක ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව මුලතිව් පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඒ. කපිලන් නැමති සෙම්මලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. අදාළ තරුණයා සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් හෙලි වී නොමැති අතර සිද්දිය වූ ස්ථානයට මුලතිව් පොලීසිය හා මරණ පරික්ෂක නිලධාරීන් පැමිණ පරික්ෂා කර තිබෙනවා.
මෘත ශරීරය මුලතිව් මහා රෝහල වෙතට භාර දී ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.
මියගිය තරුණයා මීට වසර දෙකකට පෙරද සියදිවි හානි කරගැනීමට උත්සහ දරා ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා ඇති අතර මුලතිව් පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.

Your Comments