19යේ ගැටලු ඇත්නම් ‘විධායකය’ අහෝසි කර එය විසඳන්නැයි ජයම්පතිගෙන් ඉල්ලීමක්

16

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෝෂ පවතින බවට ජනාධිපතිවරා පවසන්නේ නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කර එය සම්පූර්ණ කරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කරනවා.

NEWS24 වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ එම සංශෝධන කඩිනමින් සිදු කර ගැනීමට කටයුතු කළ ජනාධිපතිවරයා එහි දෝෂ පවතින බවට ප්‍රකාශ කිරීම තර්කානුකූල නොවන බවයි.

මේ අතර, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවැති අයහපත් ලක්ෂණ සියල්ල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ අහෝසි කළ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවබෝධයක් නැතැයි එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළා.

කිසිදු ජනාධිපති උපදේශකයෙකු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවයි නාවලපිටිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර, පුද්ගලික හේතු කාරණා මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් එය රටට කිසිසේත් උචිත නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

වර්තමානයේ සිදුකළ යුතුව පවතින්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර ඊට සංශෝධන එක් කිරීම පමණක් බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

Your Comments