ශ්‍රි පාද වන්දනා සමය හෙටින් ආරම්භවෙයි

44


ශ්‍රි පාද වන්දනා සමය හෙටින් ආරම්භ වීමට නියමතව තිබෙනවා.
පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ඓතිහාසික ශ්‍රි පාද රජමහා විහාරයේ ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය සහ දේවාභරණ, ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කිරීමේ පෙරහැර හෙට අළුයම යෙදෙන සුභ මොහොතින් ආරම්භ කෙරෙනු ඇති.
හැටන්, කුරුවිට – පලාබද්දල සහ බලංගොඩ – බගවන්තලාව මාර්ග ඔස්සේ පෙරහැර තුනක් ගමන් කිරීමට නියමිත බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.
එම සියලු කටයුතු ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් පරිදි සිදුකෙරෙයි.

Your Comments