ග්‍රාම ශක්ති – නව මුහුණුවරකින්

89

ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ජනවාරි 23 වනදා සිට 30 වනදා දක්වා ග්‍රාමශක්ති සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම සතිය තුළ මෙම වැඩසටහන සමඟ ජනතා පෙළගැස්ම සහ ආකර්ෂණය ඉහළ නැංවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමින්.

Your Comments