මිලියන 12ක හෙරොයින් නුගේගොඩින් අල්ලයි

34

රුපියල් මිලියන 12ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ පාගොඩ පාර ප්‍රදේශයේදී ඔවුන් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇතතේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එහි දී සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

ඔවුන් එම හෙරොයින් තොගය ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 25 වන සහ 34 වන වියේ පසුවන්නන්.

Your Comments