“නව අගමැති ලෙස රනිල් දිව්රුම් දෙනවා”

209

නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) පෙරවරුවේ දිව්රුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සිකුරාදා (14) පැවති දුරකතන සංවාදයකින් පසු තීරණය ගෙන ඇති බවයි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට සඳහන් කළේ.

මේ අතර විශේෂ ප්‍රකාශයක් සිදු කර මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (14) පස්රවැවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පැවසූ බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

කෙසේ වෙතත් ඉදිරියේදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව සන්ධානයක් ලෙස දේශපාලන කටයුතු සිදු කරන බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වෙනස් නොකරන බව ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

ඒ, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදියි.

එමෙන්ම මෙම නඩුව විශේෂ අධිකරණයක් ඉදිරියේ විභාගයට ගැනීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බව NEWS24 අධිකරණ වාර්තාකාරු පැවසුවා.

අනතුරුවයි මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත්තේ.

මේ, ඊයේ පස්වරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා.

Your Comments