‘අන්තර්කාලීන පාලනය‘ ජාතික බලවේග ලැබූ ජයග්‍රහණයකි!

74

දේශපාලන වෙනස ව්‍යවස්ථා විරෝධී බවට කෙරෙන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පවසන්නේ සියලු කටයුතු සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බවයි.

" … බෙදුම්වාදී ව්‍යවස්ථාවක්, රණවිරු දඩයම සඳහා වන පනත් මෙන්ම පන්සලේ පින් කැටයට ඉබ්බන් දැමීමට නීති, සම්පාදනය කරමින්, රුපියල වට්ටවා, මහ බැංකුව මංකොල්ල කමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරමින්, පාතාලයට හා කුඩු ජාවාරමට පාර කපමින් පැවති පාලනය රට ගෙන ගිය දේශද්‍රෝහී ගමන දෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාතික බලවේග මෙන්ම සියලු දේශහිතෛෂීන් බලා සිටියේ ඉමහත් කනස්සල්ලෙනි.

එබැවින් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහ තමන් උපන් බිමට ආදර කරන සියලු ජනකොටස්වල ඉල්ලීම වූයේ නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන පාලනයක් ඇති කොට මේ දේශද්‍රෝහී ගමන නතර කරන ලෙස ය. ඒ අනුව දේශය සුරකින මුරදේවතාවුන් වහන්සේලා ඇතුළු පක්ෂ පාට භේදයෙන් තොර රටට හිතැති සියලු ජනකොටස්වල ඉල්ලීම පිළිගනිමින් සිදුකරන ලද මෙම පාලන වෙනසට ජාතික නිදහස් පෙරමුණේ පූර්ණ සහයෝගය පළකර සිටින්නෙමු.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති එකින් එක පටලවමින් මෙම සිදුව ඇති පාලන වෙනස ව්‍යවස්ථා විරෝධී බවට කෙරෙන ප්‍රකාශ ජාතික නිදහස් පෙරමුණ ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙම සියලු කටයුතු සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බව ද මෙයින් රට හමුවේ පෙන්වා දීමට කැමැත්තෙමු. අද මේ ව්‍යවස්ථා විරෝධී බව මැනීමට ‘කෝනමාන’ අතට ගෙන ඇත්තේ ව්‍යවස්ථා විරෝධීව වසර තුනක් තිස්සේ කටයුතු කළ පිරිස බව ද රට හමුවේ පෙන්වා දීමට කැමැත්තෙමු…. "

Your Comments