නායගිය තැන යළි මාර්ගයක් ඉදිකිරීමට අවධානය
(හැටන් - රංජිත් රාජපක්ෂ)

53

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායයාමට ලක් වු මාර්ගය අසලින්ම තාවකාලිකව  විකල්ප ඉදි කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු වි ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉංජිනේරු කේ.ඩී.බී.ආර්. දේවප්‍රිය මහතා සඳහන් කළේ නාය ගිය ස්ථානය අසලින්ම, කන්ද කපා තාවකාලිකව මාර්ගයක් ඉදිකිරිම සඳහා  ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ට ස්ථාන පරික්ෂාවක් කර වාර්තවක් ලබාදෙන ලෙසට ඉල්ලා ඇති බවයි.

එම මාර්ගය ඉදි කරන තෙක්, නායගිය ස්ථානයට ඉහලින් තේ වත්ත ඔස්සේ දැනට තිබෙන මාර්ගය පුළුල් කර සැහැල්ලු වාහනවලට පමණක් රථ වාහන ධාවනය කරවීමට කටයුතු කෙරෙනු ඇති.

කාසල්රි ජලාශයට ඉහලින් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් හා ප්‍රධාන මාර්ගය අසල තිබු නිවාස පහක් ඊයේ (15)  අවස්ථා දෙකකදි කාසල්රි ජලාශයට ඇදී ගියා.

එම ස්ථානයේම තවත් නිවාස දෙකක් නායයමේ අවදානමකට ලක් වි ඇති නිසා එහි පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට නොර්වුඩ් පොලිසිය කටයුතු කළා.

නායයමේ අවදානම හේතුවෙන් පවුල් 7කට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ  ඥාති නිවස්වලට යොමු කෙරුණා.

සහන කටයුතු අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාල හා  නොර්වුඩ් ප්‍රාදේශිය සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

මාර්ගය ගිලා බැසිම හේතුවෙන්  රථ වාහන ගමනා ගමනය ඇණ හිටිම නිසා ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

Your Comments