ජනපති සීෂෙල්ස් සංචාරය අරඹයි

42

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් (Seychelles) රාජ්‍ය අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure) මහතා විසින් සිදුකළ ආරාධනයක් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළා.

NEWS24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ අද අළුයම  02.10ට  පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 707 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බවයි.

අද (08) අලුයම සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිවරයා එහිදී එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් (Macsuzy Mondon) මහත්මිය ඇතුලු  විශේෂ නියෝජිත පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා.

සීෂෙල්ස් හි කැබිනට් හා මහජන සේවා පිළිබඳ  රාජ්‍ය ලේකම්  මොහොමඩ් අෆීෆ් (Mohamed Afif) සීෂෙල්ස් තානාපති සේවයේ ප්‍රධානී හා සීෂෙල්ස් රාජ්‍යයේ රුසියානු තානාපති ව්ලැඩිමීර් ඛෙලොස් (Vladimir Belous), ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රාඩ් මෙදරික් (Conrad Mederic), සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස්  ටිකිරි හේරත් ගුණතිලක යන මහත්වරුන් ද ජනපති පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

එමෙන්ම ජනාධිපතිවරයා එරට වෙසෙන ශ්‍රී ලාංකිකන් මුණගැසී සාකච්ඡා කරනු ඇති.

මේ අතර ජනාධිපතිවරයා පිළිගැනිමේ රාජ්‍ය උත්සවය අද පස්වරුවේ එරට ජනාධිපති මන්දීරයේදී පැවැත්විමට නියමිතයි.

ජනාධිපතිවරයා සීසෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

Your Comments