සිදුවීමට ගිය විනාශයක් හමුදාවෙන් නවතයි – අවදානම තවදුරටත්
(ප්‍රසාද් පූර්ණිමාල්)

63

බිංගිරිය කොළමුණුඔයේ  පැති බැම්ම කැඩීයාමේ අවදානම මුළුමනින් පහව ගොස් නොමැති බව  පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසනවා.

ඊයේ  (07) පෙරවරුවේ මේ බැම්ම කැඩි යාමට අසන්න බව වාර්තා වීමත් සමග යුධ හමුදාව හා පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය  තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමග එක්ව බැම්ම වැලි කොට්ට යොදා  ප්‍රතිසංස්කරණය කළා.

143 බලසේනාධිපති කර්නල් ධම්මික දිසානායක මහතා  සේනාංක සෙබළුන් කැඳවා  එම  කාර්යය ආරම්භ කළා.

ඊයේ රාත්‍රියේ එම වැඩ කොටස් අවසන් කළද අධික ජල පහර හේතුවෙන් නැවත බැම්ම  කැඩි යාමේ අවදානමක්
මතුව  තිබෙනවා.

බැම්ම කැඩී ගියහොත් හලාවත නගරයම ජලයෙන් යටවීමේ අවදානමක පවතින බව වාරිමාර්ග, ජල කලමණාකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා පැවසුවා.

පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ .එම් .ආර් .අලහකෝන් මහතා පැවසුවේ අද පෙරවරුවේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම නැවත ආරම්භ කර තිබෙනවා.

මෙම පැති බැම්ම මුලින් කැඩී ගොස් ඇත්තේ මීට වසර දහයකට පමණ පෙර බව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී පැවසුවා.

පසුගිය ගංවතුරේ දී මෙය මුළුමනින් කැඩී ගිය අතර ඒ පිළිබඳ   අවස්ථා කීපයකදී බලධාරීන් දැනුවත් කළත් විසඳුමක්  නොවූ බව   ප්‍රදේශවාසීන් පවසනවා.

Your Comments