රාජ්‍ය බැංකුවක් බිඳ තුවක්කු දෙකක් සොරකම් කරයි

68

මොරගහහේන – ගෝනපල හන්දියේ  රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු දෙකක් සොරකම් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සොරකම සිදුව ඇති අතර, සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ එම බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු සිට නොමැති බව සදහන්.

මොරගහහේන පොලීසිය කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදු කරනවා.

Your Comments