“1000ක් දෙන්නම් කියලා දේශපාලකයෝ අපි මුලා කළා”

12

බගවන්තලාව ප්‍රදෙශයේ වතුකම්රුවන් පිරිසක් හැටන් බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව නගරයේ පාලම අසලින් අවහිර කරමින් අද (27) උදැසන සිට විරෝධතාවක නිරත වෙනවා.

මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ඇණ හිට ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

විරෝධතාව හේතුවෙන් හැටන් ප්‍රදේශයෙන් බගවන්තලාව නගරයට කිසිදු වාහනයක් ඇතුල්කිරිමට නොහැකි වි තිබෙනවා.

වතු හාම්පුතුන්ගේ සංගමය, වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය මැදිහත් වී ලබාදීමට එකඟ වූ රුපියල් 700ක මූලික වැටුප ප්‍රමාණවත් නොවන බව හා නව වැටුප් වැඩි කිරිමේදි මීට පෙර ගෙවු දිරි ගැන්විමේ දිමනාව වන රුපියල් 140 මෙවර වැටුප් වැඩි කිරිමට ඇතුළත් කර නොමැති බව පවසමිනුයි විරෝධතාවය ආරම්භ කර ඇත්තේ.

විරෝධතාකරුවන් කියා සිටින්නේ තමන්ට 1000ක මූලික වැටුපත් ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් පොරොන්දු වී ජනතාව මුලාවට පත් කළ බවයි.

වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන ලෙසට විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් බල කර සිටී.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments