ෆේස්බුක් සාදවලට මත්පෙති බෙදූ 4ක් රිමාන්ඩ්

7

ෆේස්බුක් සාද සඳහා මත්පෙති බෙදාහරිමින් සිටි බව කියන සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම සැකකරුවන් සහ සැකකාරිය මත්පෙති 120 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ හික්කඩුව දුම්රිය ස්ථානය ආසන්නයේ දීයි.

කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් හික්කඩුව ප්‍රදේශයේ පැවැත්වෙන ෆේස්බුක් සාදවලට සහ විදේශිකයන්ට බෙදාහැරීම සඳහා ඔවුන් අදාළ මත්පෙති රැගෙන යන බව එහිදී හෙලි වී තිබෙනවා.

Your Comments