හොරෙන් රට පනින්න හැදූ තරුණියන් තිදෙනෙක් ඇතුළු හය දෙනෙක් රේගු අත්අඩංගුවට

30

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර උපයෝගි කර ගනිමින් විදේශගතවීමට උත්සාහ කළ තරුණියන් 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙම පිරිස කටාර් හරහා ඉතාලිය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මොවුන් දංකොටුව, දුම්මලසූරිය, ලූණුවිල, නාත්තණ්ඩිය සහ පල්ලෙකැලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

Your Comments