හොරණ මතුගම මාර්ගයේ සිදු වු රිය අනතුරකින් 8 දෙනෙකු රෝහලට

5

හොරණ මතුගම ප්‍රදේශයේ සිදු වු රිය අනතුරින් තුවාල ලැබු 8 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර රියදුරුට නින්දයාම ඊට හේතු වී ඇති බව සදහන්.

අද අලුයම හොරණ , මතුගම මාර්ගයේ මතුගම නගරයට ආසන්නව කිරිකැටිය පාලම අසලින් වෑන් රථය ඉවතට ධාවනය වීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Your Comments