හෙරොයින් සමඟ හපුතලේ දී අත්අඩංගුවට ගත් 06 දෙනා බන්ධනාගාරයට

32

හෙරොයින් පැකට් 332 ක් සමග හපුතලේ විහාරගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා මේ මස 26 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් සතුව තිබී හෙරොයින්වලට අමතරව කේරළ ගංජා සහ ගංජා මිශ්‍ර බාබුල් තොගයක් ද සොයාගනු ලැබුවා.

ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 8කට අධිකයි.

Your Comments