හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

14

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ සිදුකළ වැටලීමකදි සැකකාර කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 10 ක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.

Your Comments