හෙරොයින් සමග ඇල්ලූ ඉරාන ජාතිකයින්ට රැඳවුම් නියෝග – වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් සමග අත්අඩංගුවේ

25

රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා මේ මස 29 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා.
ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය හරහා නඩු කටයුතු සඳහා සහය ලබා ගන්නා බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට තවදුරටත් දැනුම් දුන්නේ.
නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් සහිත බහුදින යාත්‍රාවක් ඉරාන ජාතිකයන් 09 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ අළුයමයි.
මේ අතර, දෙමටගොඩ චමින්දගේ ගෝලයන් වන වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදීයි.

Your Comments