හෙරොයින් නඩු 64%කින් වැඩි වෙයි [PHOTOs]

25

පසුගිය වසර වඩා සියයට 64කින් හෙරොයින් පිළිබඳ නඩු වැඩි වී ඇති බව අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මෙම තත්වය ඉතාමත් ඛේදනීය බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

සමාජය තුළ පවතින වැරදි නිසාත් බන්ධනාගාර ගත වෙන පිරිස ඉහල ගොස් ඇති බවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් දැවැන්ත පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් එළඹෙන 18 වැනිදා බන්ධනාගාර තුළ ආරම්භකෙරෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සිටින ශාලා 14ක තෙමහල් ගොඩනැගිලි තුනක අළුත් වැඩියා හා තීන්ත ආලේප කිරීමේ කටයුතු රැදවියන්ගේ ශ්‍රම දායකත්වය මත අවසන් වෙමින් පවතින බව සඳහන් කළා.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියා කටයුතු සඳහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලේ දෙවන අදියර ට අද පෙරවරුවේ එක්වෙමින්.

Your Comments