හුණුපිටියේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීමේ සුලමුල හෙළිවෙයි

22

හුණුපිටිය නාහේන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශණවලදී අනාවරණ වි ඇති බවයි.
ඒ අනුව රත්නපුර ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අදාළ පුද්ගලයා ඒකල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු ලොරි රථ රියදුරෙකු වන අතර හැඳල ප්‍රදේශයේ තාවකාලිකව නතරව සිටි අයෙක් බව සඳහන්.
37 හැවිරිදි අදාළ සැකකාරිය ඔහු සමග එක්ව ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

Your Comments