හිටපු මුස්ලිම් ඇමතිවරු සහ අගමැති අතර අද සාකච්ඡාවක්

10

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියළු මුස්ලිම් දේශපාලනඥයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ, දිගන, අම්පාර සහ කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති වූ සිද්ධීන්වලදී පීඩාවට පත් ඇතැම් ජනතාවට වන්දි අහිමි වීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීම සඳහායී.

ඒ අනුව අද පස්වරු 4 ට අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා නිව්ස් 24 වෙත කියා සිටියේ.

එමෙන්ම, එහිදී යළි අමාත්‍ය ධූර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පසුගියදා අමාත්‍ය ධූරවලින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ඉවත් වූ අතර, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රිවරුන් දෙදෙනා යළි ඔවුන් පෙර දැරු කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමටයි කටයුතු කළේ.

Your Comments