හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ රීට් පෙත්සම සලකා බැලීම අද

10

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කර ඇති රිට් පෙත්සම අද සළකා බැලීමට නියමිතයි.
එම තීරණය ගනු ලැබුවේ අදාළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේදි සළකා බැලූ අවස්ථාවේදීයි.
තමන් අත්අඩංගුවට ගැනිමට නීතිපතිවරයා පොලිසියට ලබා දි ඇති උපදෙස් අභියෝගයට ලක්කරමිනුයි ගිහාන් පිලපිටිය මහතා මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණේ.
පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස නම් කර ඇති වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස ද එහිදී නොතීසි නිකුත් කළා.
පෙත්සම්කරු සිය පෙත්සමෙන් කරුණු වසන් කර ඇති බැවින් මුල් අවස්ථාවේම එය ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයක නිරත වීමට අදාළව ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා විසින් පසුගියදා පොලීසියට උපදෙස් ලබා දුන්නේ.

Your Comments