හිටපු මන්ත්‍රී සජින් ද වාස් රිමාන්ඩ්

44

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපැම් කරන බවට අධිකරණයට කරුණු දැක්වීමක් හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ වසර 5ක පමණ කාලය තුළ රුපියල් කෝටි 30කට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩුව පවරා තිබෙනවා.

තමාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනාවලට නිවැරදිකරු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පසුගිය 25වනදා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

නඩුවේ සාක්ෂි විභාගය අද (27) ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ විත්තිකරු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවටයි.

විත්තිකරු ඇප මත සිටියහොත් ඒ මගින් සාක්ෂි විභාගයට බලපෑමක් සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ට ද නීතිපතිවරයාගේ නියෝජිතයා ඉල්ලා ඇති බව සඳහන්.

කරුණු සළකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වූයේ.

Your Comments