හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට බරපතල වැඩසහිතව වසර තුනක සිරදඩුවම්

14

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවමක් නියම කළා.
ඒ, 2007 වසරේ මැයි මස 5 වන දා සිට 2008 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාලය තුළ ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය දැරූ සමයේ වාහන 3ක් මිලදී ගැනීමේදී සිදුකළ අවභාවිතාවක් සම්බන්ධයෙන්.
එහිදී එක් වාහනයකට රුපියල් නව ලක්ෂ 60,000 බැගින් වූ බදු අත්තිකාරම් ගෙවීම ඇතුළු චෝදනා 3ක් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබුණා.
ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවූ අවස්ථාවේදියි ඔහුට මෙලෙස වසර 3ක සිර දඬුවමක් නියම කර ඇත්තේ.
මීට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ද ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

Your Comments