හිටපු ජනාධිපතිවරයාගෙන් CIDය ලබාගත් ප්‍රකාශය අධිකරණයට

43

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශය ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ලබාගත් ප්‍රකාශ ද අධිකරණයට ඉදිරිපත් කළ බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව, සිද්ධියට අදාළ බදුවත්ත දුම්රිය නිවාසයක් සම්බන්ධයෙන් වර්තමාන ආරක්‍ෂ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවටයි රජයේ නීිතිඥයින් විසින් එහිදි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකු වන අමල් කරුණාසේකරගේ ඇප ඉල්ලීම ලබන 27 වන දින සලකා බැලීමට ද අධිකරණය අද නියෝගය කළා.

Your Comments