හිටපු ජනපති සහ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක්

10

ඉදිරියේ දී ආණ්ඩුව ශක්තිමත් කිරිමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අවශ්‍ය ශක්තිය ලබා දීමට සියලු දෙනා තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කොළඹ මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.

Your Comments