හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ මුලික විරෝධතා නියෝගය ජුනි 7 වනදා

12

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජුනි මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින්.
පසුගිය 2010 වසරේ සහ 2014 වසර දක්වා වූ කාල සීමාව තුළ සතොස ආයතනයේ රාජකාරි කළ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ.

Your Comments