හිටපු ඇමති එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

17

හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

මියයනවිට 73 වන වියේ පසුවූ ඔහු පසුගිය රජයේ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

එසේම ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ පියා ද වනවා.

Your Comments