හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් වන්දි ඉල්ලා නඩුවක් අමෙරිකානු අධිකරණයක ගොනු කළ බව තහවුරු කරයි

72

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වන්දි ඉල්ලා අමෙරිකාවේ අධිකරණයක නඩුවක් ගොණු කල බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය තහවුරු කර තිබෙනවා.
ඒ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළවයි.
පසුගිය 7 වනදා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණයක මෙම නඩුව පැවරූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
චූදිත පාර්ශවය වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස දැනුම්දීමක් සිදුකල බවද ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.
එම චෝදනාවලට අදාළව වගඋත්තරකරුට පිළිතුරුදීම සඳහා ලබන 29 වනදා තෙක් කාලය ඇති බවයි යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය කියාසිටියේ.

Your Comments