හැටන් පොලිසියේ Traffic OICගේ රාජකාරියට බාධා කළ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරයට
රංජිත් රාජපක්ෂ - හැටන්

16

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක කේ.ඒ.සි.සි. කුලසුරිය මහතාගේ රාජකාරියට බාධා කළ බව කියන සැකකරුවෙකු ඊයේ (11) අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හැටන් සාත්තු නිවාස ප්‍රදේශයේ පදිංචි ආනන්දශීලන් ප්‍රභාකරපලනි නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.
සැකකරුගේ පදිංචි නිවස ඉදිරිපිට සාත්තු නිවාස පාරේ මාර්ගයේ අවහිර වනසේ ත්‍රිරෝද රථයක් ගාල් කර තිබීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදි සැකකරු විසින් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක කේ.ඒ.සි.සි. කුලසූරිය මහතාට සාපරාදි බලහත්කාරම් යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ත්‍රිරෝද රථ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සැකකරු පටු මාර්ගයක් වූ සාත්තු නිවාස පාරේ ගමන් ගන්නා රථ වාහනවලට සහ ගමන් ගන්නා පාසල් ළමුන් ඇතුළු මගින් අවහිරයක් වන සේ ත්‍රිරෝද රථය ගාල් කර තිබිම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද පැමිණිලි කිහිපයක් මත සැකකරුට අවස්ථා කිහිපයකදිම අවවාද කර තිබු බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් කියා සිටියේ.

Your Comments