හැටන් දික්ඔය නගර සභා බල සීමාවේ එකතුවන කැළිකසළ නගර සභා සේවකයින් ගෙන ගොස් දමන තැන හෙළිවෙයි
රංජිත් රාජපක්ෂ - හැටන්

5

හැටන් දික්ඔය නගර සභා සිමාවේ දිනපතා එකතු වන කැලි කසල ටොන් ගණනින් ඉතා සුක්ෂම ලෙස කාසල්රි ජලාශයට මුදා හරින බව ප්‍රදේශවාසින් පවසනවා.

හැටන් දික්ඔය නගර සිමාවේ දෛනිකව එකතු වන කැලි කසල එක්රැස් කර හැටන් නගර මධ්‍යයේ ස්ථාන කිහිපයකම ගොඩ ගසා පසුව නගර සභා සේවකයින් ලවා එක් රැස් වී ඇති කැලි කසල නගර සභාවේ කැලිකසල බැහැර කරන රථ වාහනවලින් රැගෙන ගොස් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ මාර්ගයට සහ කාසල්රි ජලපෝෂක ප්‍රදේශයට මුදා හරින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයෙන් සහ දික්ඔය සිංහල විදුහලට ඉදිරිපිට මෙසේ කැලි කසල බැහැර කරන අතර, එම ස්ථානයේ කැලි කසල බැහැර නොකරන ලෙසට අවවාදාත්මක දැන්විම් පුවරුවක් ද නගර සභාව විසින් සවි කර ඇති බවයි නිව්ස්24 වර්තා පවසන්නේ.

හැටන් නගරයේ එක්රැස් කර ඇති කැලි කසල අලුයම් කාලයේ නගර සභාවේ රථ වාහනවල පටවා ඉතා සුක්ෂම ලෙස දික්ඔය ඇලට සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට බැහැර කරන ලබන බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එසේ කැලි කසල බැහර කිරිම නිසා ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සිදු වි ඇති අතර, කැලි කසල බැහැර කර ඇති ස්ථානයේ දැඩි දුගන්ධයක් හැමීම හේතුවෙන් මහාමාර්ගයේ ගමන් ගන්නා මගින් ද දැඩි අසිරුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නගර සභාවේ රථ වාහනවලින් එසේ ඉතා සුක්ෂම ලෙස කැලි කසල බැහර කරන අයුරු අලුයම් කාලයේ එම මාර්ගයේ ගමන් ගත් වාහනයක ඉදිරිපස සවි කර ඇති කැමරාවකද සටහන් වී ඇති බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.

මෙම ගැටළුව සම්බනධයෙන් නිව්ස්24 හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්. සරවනභවන් මහතාගෙන් කළ විමසුමකට ඔහු මුලින් කියා සිටියේ නගර සභාවේ එවැනි පරිසර විනාශයක් සිදු නොකරන බවයි.

නගර සභාවේ වාහනවලින් කැලි කසල බැහැර කරන අයුරු විඩියෝ දර්ශන පෙන්විමෙන් අනතුරුව ලේකම්වරයා කියා සිටියේ එසේ කැලි කසල බැහැර කර නගර සභාවේ නිලධාරින්ට සහ සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

 

Your Comments