හැටන් – කොළඹ මාර්ගයේ ගිලා බැසීමක්

24

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමකට ලක් වි ඇති බව වටවල පොලීසිය පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ එම ස්ථානය අද අලුයම ගිලා බැසීම ලක් වි ඇති බව සදහන්.
මිට වසරකට පෙර ද මෙම ස්ථානය ගිලා බැසීමකට ලක් ව තිබෙනවා.
මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදි ඊයේ පස් කන්දක් කඩා වැටිමෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම පස් කන්ද කඩා වැටුණු ස්ථානය ඊයේ රාත්‍රියේ සිට එක් මං තිරුවකට සිමා කර තිබෙනවා.
මධ්‍යම කඳුකරයට තවදුරටත් අධික වර්ෂාව සහ තද සුළං පැවතීම හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Your Comments