හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට ප්‍රදේශයෙන් ගමනාගමයට සීමා

12

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – හැටන් (A7) මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. එම මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැස ඇති බැවින් එහි අලුත්වැඩියාවන් කිරීම අද (11) සිට ආරම්භ කරන හෙයින් මෙලෙස ගමනාගමනය සීමා කිරීමට පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
ඒ අනුව ඉහත මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ගයක් ලෙස පැරණි කොළඹ – හැටන් මාර්ගය යටියන්තොට නගරයේ ඔරලෝසු කණුව අසලින් හා බෝධිය අසලින් සමන් දෙවි පිළිරුව දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය පවසන්නේ.

 

Your Comments