හසලක ගාමිණි 27වන ගුණ සැමරුම අලිමංකඩ පිළිරුව අසළදි
(වවුනියාව - මාධව කුලසූරිය)

99

ත්‍රස්තවාදි ග්‍රහණයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් දිවිදුන් හසලක ගාමිණි රණවිරුවාගේ 27 වැනි ගුණ සැමරුම් උත්සවය අලිමංකඩ හසලක ගාමිණි පිළිරුව අභියසදි කිලිනොච්චි ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ හා ගාමිණි කුලරත්න රණවිරුවාගේ මැණියන් වන එස්.ජි.ජුලියට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ 14 වැනිදා පස්වරුවේ.

රට වෙනුවෙන් දිවිදුන් හසලක ගාමිණි විරුවාගේ පිළිරුව වෙත යුධ හමුදා ආචාරය පිරිනමමින් හා පුෂ්පෝපහාර දක්වමින් සැමරුම් උත්සවය පැවැත්වුණා.

ගාමිණි කුලරත්න රණවිරුවාට පිං පිණිස 13 වැනිදා රාත්‍රියේ ස්මාරකය අභියසදි පිරිත් පිංකමක්ද සංවිධානය කොට තිබූ අතර,14 වැනිදා උදැසන භික්ෂුන් වහන්සේ වෙනුවෙන් දානමය පිංකමක්ද පැවැත්වුණා.

සැමරුම් උත්සවය වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන සියළු සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන් හා හසලක ගාමිණි විරුවාගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියා.

යාපනය, අලිමංකඩ යුධ හමුදා කඳවුරට 1991 ජුලි 13 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ජිවිතය පූජා කරමින් අලිමංකඩ කඳවුර රැක ගැනීමට හසලක ගාමිණි රණවිරුවා කටයුතු කරනු ලැබුවා.

Your Comments